වෛද්‍ය නිලධාරින්ගේ සේවා තත්ත්වයන් සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාවය. වෛද්‍ය නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් හා පසුකම් වැඩිදුණු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරති. යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීම ක්‍රියාකාරී වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාවය හිමි විය. උක්ත කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය 2024 අගෝස්තු හයවැනි දිනයෙහි සභාපති චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ විය.විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් සඳහා රාජකාරී ආවරණය කිරීමේ දීමනාවක් හඳුන්වා දීම මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ සුවිශේෂි සේවා කාණ්ඩයක් ලෙස එයට අදාළ වැටුප් කේතයන් ස්ථාපිත කිරීම ප්‍රධාන යෝජනා අතරට ඇතුළත් වී තිබේ.