2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 04:39
නවතම පුවත්

වෛද්‍යවරිය උසාවි ඇවිත් නෑ – අතවර නඩුවේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව දෙවැනි වරටත් කල් තබයි

                                                                                                                                                                                                                                                    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලෙස ලිංගික අතවර කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරට්ටුව ඊයේ (24දා) පැවැත්වීමට නියමිතව තිබුණද එම පෙරට්ටුව මේ මස 28 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම පෙරට්ටුව මෙලෙස දෙවන වරටත් කල් දැමීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට සිදු විය.

මෙම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය පෞද්ගලික හේතුවක් මත ඊයේ ද අධිකරණය හමුවේ පෙනී නොසිටින බව අනුරාධපුර පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳව ප්‍රධාන මාධ්‍ය සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වෙමින් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් මෙම නඩුව කැඳවීමට නියමිත ලබන 28 දා දීර්ඝව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේය.

මෙම කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව ලබන 28 දා පැවැත්වීමටත් එදින දක්වා සැකකරු යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් නියෝග කළේය. සැකකරු එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාටද නියෝග කෙරිණි. මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කළේ ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළකු මෙන්ම චීවරධාරියෙකි.

රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුගේ නිවසේ පාත්තරයක් මත තිබී ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයා ගැනුණු අතර එම ජීව අත්බෝම්බය අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පුපුරවා විනාශ කර හැරිණි.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර අගතියට පත් පැමිණිලිකාර වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සහ සැරයන් රංජිත් යන මහත්වරු පෙනී සිටියහ.

සැකකරු වෙනුවෙන් ඊයේ ද කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories