2025 අගෝස්තු 15 සිකුරාදා, 12:45
නවතම පුවත්

වී වලට සහතික මිලක් ලබාදීම ගැන සතුටුයි – නාමල්

ප්‍රමාධ වී හෝ වීවලට සහතික මිලක් ලබාදීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව මන්ත්‍රි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 ) ප්‍රකාශ කළේය.

ආනයන හා අපනයන පාලන නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට සහභාගී වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

” ප්‍රමාධ වී හරි වීවලට මිලක් ලබාදීම ගැන මම සතුටු වෙනවා. නමුත් එය ප්‍රමාණවත් කියලා මම කියන්නේ නැහැ. වත්මන් ආණ්ඩුවේ එක් සටන් පාඨයක් තමයි වී මිල. ප්‍රමාද වී හරි රුපියල් 120ක් දීපු එක හොඳයි. වී මිල තීරණය කරන්න කාලයක් ගත්තා. ඒ නිසා මේ වෙනකොට වී අස්වැන්නෙන් කොටසක් විකුණල ඉවරයි. විපක්ෂයේ සිටියදී වගේ නෙවෙයි ආණ්ඩුවට ගියාම තීන්දු තීරණ ගන්න ප්‍රමාද වෙනවා මේ අයට. පසුගිය කාලේ වී මිල දී නොගැනීම වරදක්.මේ වෙලාවේ ජනතාව බලාගෙන ඉන්නේ කඩිනමින් වී මිලදී ගැනීම කරනතෙක්. ඒ නිසා ප්‍රමාදවී හරි වී මිල ගැන තීරණය කළා වගේ වී මිලදී ගැනීමත් සිදුකළ යුතුයි.

පසුගිය කාලේ වාහන ගැන කතා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා කාලේ වාහන ආනයනය ගැන කතා කළා. නමුත් ඒ වෙලාවේ වත්මන් ආණ්ඩුව කිව්වා, රුපියල් ලක්ෂ 12 ක් වගේ මුදලකට වාහන ගන්න පුළුවන් විදිහට වටපිටාව සකස් කරනවා කියලා. ඒ වගේම අලුතින් ෆෝමියුලා එකක් හදනවා කියලත් කිව්වා. ලක්ෂ 12කටනම් වාහනයක් ගන්න පුළුවන් වෙයිද කියන ගැටලුව තිබෙනවා.

වී ගොවියා පීඩාවට පත් වුණා වගේම විරැකියාවට අද පිළියමක් නැහැ. ජනාධිපතිවරයා ගම් වලට යනවා. ඒක හොඳයි. වෛරයෙන් තොර සමාජයක් හදන්න හිතන මේ අය ගමට යන්නේ වෛරයක් හදන්න. ප්‍රශ්න කියන්න ගමට යන්නේ. මේ ප්‍රශ්න ජනතාව දන්නවා. ජනතාවට අවශ්‍ය විසඳුම්. වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතුයි “

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories