2025 අගෝස්තු 15 සිකුරාදා, 19:13
නවතම පුවත්

විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා

පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මක් අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම දළදා ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මතය.

දළදා ප්‍රදර්ශනයක් ලංකාවේ පැවැත්වෙන්නේ වසර 16කට පසුවය.

අප්‍රේල් 18 වන දා සවස 3:00 සිට සවස 5:30 දක්වාත් 19 වන දා සිට 27 වන දා දක්වා දහවල් 12:00 සිට සවස 5:30 දක්වාත් දළදා දැක්ම පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු 2) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳ මහනායක හිමිවරුන්ට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා පැවසුවේ, තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳපුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව වන බව ය.

එමෙන් ම, රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපනය කරමින් ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අවස්ථාව ඉවහල් කරගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන පරිදි මෙම කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුත් අවුරුද්දේ දිගුවක් ලෙස පැවැත්වෙන මෙම දළදා දැක්මේ මංගල්‍ය රට අලුත් දිශාවකට යොමු කරනු ඇති බවට විශ්වාසය පළ කළේ ය.

දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය පිළිබඳවත් එම කාලය තුළ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කීය.

එමෙන් ම, ජනතාවගේ සෞඛ්‍ය, පානීය ජල අවශ්‍යතා සහ සෙසු පහසුකම් සැලසීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමට කැමැති පින්වතුන්ට ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ලබා දීමට ද සාකච්ඡා විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories