2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:45
නවතම පුවත්

විභාග දෙපාර්තමේන්තුව හිරවුණූ ප්‍රශ්නය

විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් (තාක්ෂණ) තනතුරට මීට මාස පහකට පෙර පත් කරන ලද අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියට මේ දක්වා එම අංශයේ රාජකාරි භාරගැනීම පරිගණක අංශයේ නිලධාරීන් විසින් වළක්වනු ලැබ ඇත. මේ සම්බන්දයෙන් එම අංශයේ නිලධාරීන් සඳහන් කරන්නේ මෙවැනි තනතුරක් දෙපාර්තමේන්තුවේ නොමැති බවය.

කෙසේවෙතත් මේ හේතුවෙන් එම නිලධාරිනියට කටයුතු කිරීමට සිදුව ඇත්තේ දෙපාර්තමේන්තුවේ වෙනත් අංශයක සිටය.

මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරට මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට ද පැමිණිලි කර තිබෙන නමුත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැත.

දෙපාර්තමේන්තු රීති සංග්‍රහයට අනුව පරිගණක අංශය, විභාග කොමසාරිස් ( තාක්ෂණ ) යටතේ වන ශාඛාවක් වන අතර මෙම පත්වීම ද කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙනි. එමෙන්ම මෙම නිලධාරිනියට රාජකාරි කිරීම වැළැක්වීමට මූලික වශයෙන් කටයුතු කරන නිලධාරියෙක් සිය සේවා දිගුව ලබා ගැනීමට අදාළ සංවිධාන ව්‍යුහය අනුව ද පරිගණක අංශය ක්‍රියාත්මක වන්නේ විභාග කොමසාරිස් ( තාක්ෂණ ) යටතේ ය.

නව නිලධාරිනියට වැඩ භාරගැනීම වළක්වමින් සිටින පරිගණක අංශය මගින් පසුගිය කාලයේ දී සාවද්‍ය තොරතුරු නිකුත් කර තිබෙන අතර විභාග තහනමට ලක් වූ අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බවත් අමාත්‍යාංශයට යවා තිබෙන ලිපියේ සඳහන් වෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories