2025 අගෝස්තු 15 සිකුරාදා, 21:47
නවතම පුවත්

විපතට පත් මියන්මාරයට චීනයෙන් මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් මියන්මාර රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබේ.

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මහතා ඊයේ (29) පස්වරුවේ මේ බව තහවුරු කළේය.

එමෙන්ම චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට විපතට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර සැපයීමට ද එක්ව ඇති බව වාර්තා වන අතර ඒ වෙනුවෙන් චීන රතු කුරුස සංගමයේ මුදා ගැනීමේ කණ්ඩායම් අදාළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා මියන්මාරය බලා පිටත්ව ‍ගොස් ඇති බවද සඳහන්ය.

රික්ටර් පරිමාණයේ ඒකක 7 ඉක්ම වූ ප්‍රබලත්වයක් සටහන් කරමින් පසුගිය 28 වනදා පස්වරුවේ මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පනයෙන් සිදු වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වුණි.

එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලය අනාවරණය කළ නවතම දත්තවලට අනුව, මේ දක්වා ඉන් මියගිය සංඛ්‍යාව ලෙස දෙදහසට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවය.

භූකම්පනයෙන් තුවාල ලැබූ පිරිස ද 3000 ඉක්මවා ඇති අතර සුන්බුන් අතර සිරවූ තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories