2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:27
නවතම පුවත්

විජය හා විජේවීරව මරපු හැටි හොයන්නැයි චාමර සම්පත් ඉල්ලයි

සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් ප්‍රතිඥාවට අනුව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ සිනමා නළු වූ විජය කුමාරතුංගගේ ඝාතන පිළිබඳ සොයා බැලිය යුතු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ජනාධිපතිවතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ යට ගිය නඩු නැවත ගොඩ ගන්නවා කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ රංගන ශිල්පී විජය කුමාරතුංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා” යැයි දසනායක මන්ත්‍රීවරයා පැවසීය.

“කිරුළපන පොලිසියේදී විජේවීරගේ ඇස් බැන්දේ කවුද, ඔහුව මැරුවේ කොහොමද, බොරැල්ල කනත්තට ගෙනාවේ කොහොමද කියලා හොයලා බලන්න. විජයට වෙඩි තැබුවේ කවුද, ඔහුට වෙඩි තැබීමට ටී 56 රයිෆලය ඝාතකයා ලබා ගත්තේ පොල්හේන්ගොඩ කුමන ගරාජයෙන්ද යන්නත් සොයා බලන්න. විජේවීරගේ දරුවන්ට සහ විජයගේ දරුවන්ට යුක්තිය ඉටු කරන්න, ”යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

“1989 දී එක් දරුවෙක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ පමණින් එක පවුලක සියලුම දරුවන් ඝාතනය කිරීමේ සිද්ධියක් ඌවේ සිදු වුණා. මේ සිදුවීම් ගැනත් සොයා බැලිය යුතුයි.” යනුවෙන් ද ඔහු පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories