2025 අගෝස්තු 15 සිකුරාදා, 08:33
නවතම පුවත්

වාහන කොල්ල කෑ කොල්ලකරුවන් අත්අඩංගුවට

වාහන කොල්ලකෑමකට අවශ්‍යකරන සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය 10 වනදා පල්ලම ප්‍රදේශයේ කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, එම සැකකරුවන් කොල්ලකන ලද කාර් රථය ද සමඟ පසුගිය 15 වනදා දඹදෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි. එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, කාර් රථ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද උස්වැටකෙයියාව ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31 ක් වන ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ රියදුරුට තියුණු ආයුධ වලින් පහරදී මෙම කාර් රථය කොල්ලකා තිබූ බව අනාවරණය වී ඇත.

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මීගොඩ පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයක් කොල්ලකෑම හා පන්නල පොලිස් වසමේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1,686,000 ක් වටිනා මුදල් හා දේපල කොල්ලකෑම යන අපරාධවලට අවශ්‍යකරන සැකකරුවෙකු බවට අනවාරණය වී ඇති බවද පොලීසිය පවසයි.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පන්නල පොලිස් ස්ථානය මගින් සොයාගෙන තිබූ අතර එම ත්‍රීරෝද රථයේ අංක තහඩු සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනෙ අතර වැඩිදුර විමර්ශන පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිදුකරනු ලබයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories