2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:28
නවතම පුවත්

වසරකට බිලියන 140ක් වැය වන රාජ්‍ය ආයතන 115ක් ගැන රජයේ අවධානය

නඩත්තු කිරීමට වසරකට රුපියල් බිලියන 140ක් වැය වන රාජ්‍ය ආයතන 115ක කාර්යභාරය රජය විසින් සමාලෝචනය කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පවසයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට දෙපාර්තමේන්තු 86ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක් ඇත. එසේම පොලිසිය හැර රජය සතු ව්‍යවසායන් 340 ක් සහ අනෙකුත් වාණිජ නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් පවතී.

“2024 අයවැයෙන් මණ්ඩල, කොමිෂන් සභා, පදනම්, විශ්වවිද්‍යාල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා රුපියල් බිලියන 140 ක් වෙන්කර තිබෙනවා” යැයි ඇමැති ජයතිස්ස පවසයි.

වාණිජ නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ද ආයතන 51 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව යටතේ ද ක්‍රියාත්මක වේ.

මෙම ආයතනවල අරමුණ කාලයාගේ ඇවෑමෙන් අඩු වී ඇති අතර, නැතහොත් ආයතනවලට එහි කාලානුරූපී බව නැති වී ඇති බව රජයේ අදහස් වී තිබේ.

මෙම ආයතන පිළිබඳ සමාලෝචනයක් පැවැත්වීම කාලෝචිත අවශ්‍යතාවයක් වන අතර, එවැනි සමාලෝචනයක් සිදුකර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිල කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.

පාඩු ලබන රජය සතු ව්‍යවසායන් කෙරෙහිද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ අවධානය යොමුව ඇත.
(Sunday Island)

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories