2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:04
නවතම පුවත්

වනිඳු සහ ළහිරු එක්දින කණ්ඩායමට එක්වෙති

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ළහිරු කුමාරව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටීම නිසා ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී තරග වැදි තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. වනිඳු හසරංග කණ්ඩායමට පැමිණීමේදී ඔහු වෙනුවට කණ්ඩායමට එක් කර සිටි දුෂාන් හේමන්තට යළි ස්ථානය අහිමිව තිබේ.

මේ අතර අවසන් වසර කීපය තිස්සේම එක්දින තරගාවලියේ ස්ථානයක් වෙන්ව තිබුණු මැද පෙළ පිතිකරු සදීර සමරවික්‍රමට ද ස්ථානය අහිමිව තිබේ. ඒ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දුව කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුවේ තීරණය වී තිබේ. මේ අතර ශ්‍රී ලංකාව අවසන් වතාවට තරග වැදි නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේදී කණ්ඩායමට එක්ව සිටි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක වෙනුවට කණ්ඩායමට දකුණත් වේග පන්දු යවන ළහිරු කුමාරව කැඳවා තිබීම විශේෂත්වයක් වේ.

දෙරට අතර එක්දින තරගාවලිය දිවා තරගයකින් සහ දිවා/රාත්‍රී තරග 2 කින් සමන්විත වෙයි. ලබන ජනවාරි 05 වැනිදා වෙලිංටන්හිදී පළමු තරගය දිවා තරගයක් ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30 ට ආරම්භ වන අතර හැමිල්ටන්හිදී පැවැත්වෙන දෙවැනි තරගය සහ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන තෙවැනි තරගය දිවා/රාත්‍රී තරග ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 6.30 ට ආරම්භ වනු ඇත. එම තරග දෙක ජනවාරි 08 වැනිදා සහ ජනවාරි 11 වැනිදා යන දිනවලදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, චමිඳු වික්‍රමසිංහ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, නිශාන් මදුෂ්ක, ළහිරු කුමාර, එෂාන් මාලිංග, නුවනිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories