2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:47
නවතම පුවත්

වනිඳුට එක්දින තරගාවලිය අහිමි වේ

වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී තිබේ. දෙවැනි විස්සයි- 20 තරගයේදී පන්දු යවමින් සිටියදී වම් පාදයේ මස්පිඬුවල ආබාධයකට ලක්වීම හේතුවෙන් හසරංග නැවත කොළඹට ගෙන්වා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත.
හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇත.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) ආරම්භ වන අතර ඉතිරි එක්දින තරග දෙක නොවැම්බර් 17 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිතය. පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් අවසන් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.මේ අතර පසුගියදා විස්සයි – 20 තරගාවලියේ තියුණු ජයග්‍රහණයක් ලබා සම කළ නවසීලන්ත එක්දින තරගාවලිය සඳහා සිය ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් නොමැතිව ද තරග වදිනු ඇත.

දෙවැනි විස්සයි- 20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ෆර්ගියුසන්ට සිය දෙවැනි ඕවරය යවන අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු එක්දින තරගවලට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා වේ.
වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී තිබේ. දෙවැනි විස්සයි20 තරගයේදී පන්දු යවමින් සිටියදී වම් පාදයේ මස්පිඬුවල ආබාධයකට ලක්වීම හේතුවෙන් හසරංග නැවත කොළඹට ගෙන්වා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත. හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා තිබේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) ආරම්භ වන අතර ඉතිරි එක්දින තරග දෙක නොවැම්බර් 17 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිතය. පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් අවසන් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.මේ අතර ඉරිදා දිනයේදී විස්සයි 20 තරගාවලියේ තියුණු ජයග්‍රහණයක් ලබා සම කළ නවසීලන්තය එක්දින තරගාවලිය සඳහා සිය ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් නොමැතිව ද තරග වදිනු ඇත.

දෙවැනි විස්සයි- 20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ෆර්ගියුසන්ට සිය දෙවැනි ඕවරය යවන අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු එක්දින තරගවලට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වැඩිදුරටත් වාර්තා වේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories