වතු කම්කරු වැටුප ඍජුව ඉහළ නැංවීමේ හැකියාවක් රජයට නොමැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේ මෙම තත්වය හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ හැකියාව ඇත්තේ වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති අතර එළඹෙන සාමූහික ගිවිසුම අනුව බවයි. රජය මෙම ක්‍රියාවලියේදී මැදිහත් පාර්ශ්වයක් ලෙස පමණක් කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, වතු හාම්පුතුන් සමග ආණ්ඩුව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්, මෙම වසර තුළ වතු කම්කරු වැටුප රු. 1,700 දක්වා නැංවීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.