2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:13
නවතම පුවත්

ලෝක වෙළෙඳ සංවිධානයෙන් ධීවර සහනයක් ගන්න පියවරක්

ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ I අදියරට කැබිනට් අනුමැතිය ලැබීම, ශ්‍රී ලංකාවේ සාගර සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2017 වසරේ බුවනෝස් අර්යස්හි පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ 11 වැනි අමාත්‍ය සම්මේලනයේදී ධීවර සහනාධාර නියාමනය කිරීමේ ගෝලීය අවශ්‍යතාව තහවුරු වූ අතර, 2022 වසරේදී 12 වැනි අමාත්‍ය සම්මේලනයේදී ගිවිසුම් කටයුතු අවසන් කෙරිණි. මෙම ගිවිසුම මූලිකවම නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර කටයුතු (IUU), අධි අස්වනු කරනු ලැබූ මත්ස්‍ය තොග සහ අධිධාරිතාව හා අධික ලෙස මසුන් ඇල්ලීම සඳහා දායක වන සහනාධාර තහනම් කිරීම යන කුළුණු තුන ආවරණය කරයි.

ශ්‍රී ලංකාව මේ වනවිට අනුමැතිය ලබා දී ඇත්තේ, නීති විරෝධී ධීවර කටයුතු සහ අධි අස්වනු කරනු ලැබූ මත්ස්‍ය තොග සඳහා දෙනු ලබන සහනාධාර තහනම් කිරීම ආවරණය වන පරිදි සකස් කර ඇති ගිවිසුමේ පළමු අදියරටයි. 2023 වසරේ සිට ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටවල් මෙම අනුමැතිය ලබාදීම ආරම්භ කර තිබේ. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙම අනුමැතිය මගින් ශ්‍රී ලංකාවේ සාගර තිරසරභාවයෙහි නායකත්වය ශක්තිමත් කිරීමටත්, ප්‍රධාන වෙළෙඳපොළවල ශ්‍රී ලංකාවේ වෙළෙඳ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ධීවර අංශය නවීකරණයට අත්‍යවශ්‍ය ධාරිතාව ගොඩනැංවීමටත්, තාක්ෂණික සහාය ලබා ගනිමින් ලෝක වෙළෙඳ සංවිධානයේ විශේෂිත ධීවර අරමුදලින් ප්‍රතිලාභ ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. මෙය ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට නවීන සහ තිරසර ගමනකට මග පාදනු ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories