2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:07
නවතම පුවත්

ලෝකයේ වැඩිම කොටි ඝණත්වයක් සහිත ආකර්ෂණීය ස්ථාන අතරට කුමන ජාතික උද්‍යානය එක් වෙයි

ශ්‍රී ලංකාවේ වනාන්තර වල වෙසෙන බිලාලයන් සිව්දෙනා අතරින් විශාලම බිලාලයා වන අද වනවිට තර්ජනයට ලක්වූ උප විශේෂයක් වූ ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) ගේ ගහන ඝනත්වය (Population Density), ඔවුන්ගේ අවකාෂීය පිහිටුම (Spatial Occupancy) සක්‍රීය කාල රටාව (Activity Pattern) පිලිබඳ අධ්‍යනයක නිරතවූ අතර එහිදී වැදගත් කරුණු කීපයක් අනාවරණය කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ අප වනජීවි පර්‍යේශණ කණ්ඩායමට පත්‍රිකාවක් එලිදැක්වීමට හැකි විය. මෙම පර්‍යේශණ පත්‍රිකාව තුලින් ඔවුන් පරිසරය සමග දක්වන සම්බන්ධතා පිලිබඳවත් කුමන වනෝද්‍යානය තුල ඔවුන්ගේ ව්‍යාප්තිය පිලිබඳවත් වැදගත් කරුණු කීපයක් අනාවරණය කරගැනීමට අප කණ්ඩායමට හැකිවිය. ඒ අතර,
▪️ ලෝකයේ වැඩිම කොටි ගහණ ඝණත්වයන් අතර දෙවෙනි ස්ථානය ලෙස කුමන ජාතික වනෝද්‍යානයේ කොටින්ගේ ගහණයට ස්ථානයක් හිමිවීමත්,
▪️ ⁠කුමන කොටින්ගේ ව්‍යාප්තිය සහ ඔවුන්ගේ වාසස්ථානයන් තෝරාගැනීමේදී ජල ප්‍රභව හා ගල් හා කඳු සහිත ස්ථාන වඩාත් හිතකර ලෙස තෝරා ගැනීමත්
▪️ ⁠ඔවුන් ආහාර සඳහා කුළු හරකුන් සහ මුවන්ගේ ව්‍යාප්තිය සලකා බලන බවත් ඔවුන්ගේ ව්‍යාප්තිය මතද භූමියක් තෝරාගැනීමේදී මූලිකත්වයක් දක්වන බවද,
මෙම අධ්‍යනයේදී තහවුරු විය. එමෙන්ම කුමන වනෝද්‍යානයේ වර්ග කි.මී 100ක භූමියක් තුල දල වශයෙන් කොටින් 41කට පමණ වාසස්ථාන සපයන බවටද එමගින් ඔවුන්ගේ ඉහල ගහණ ඝණත්වයක් ඇති ප්‍රදේශයක් බවටද කුමන ජාතික වනෝද්‍යානය වැදගත් වන බව මෙමගින් අනාවරණය විය. මේ පිලිබඳ අධ්‍යනයන් දැනට තර්ජනයට ලක්වී ඇති කොටින්ගේ සංරක්ෂණය සඳහා ඉවහල් වනු ඇතැයිද, මෙම පත්‍රිකාව තුලින් ශ්‍රී ලංකාවේ දැනට සිටින කොටින්ගේ ගහණය පිලිබඳ අවශ්‍ය දත්ත සැපයීම මෙහි අරමුණ යි. මේ සම්බන්ධව පත්‍රිකාවක් 2025 ජනවාරි 13 වනදා එලිදැක්විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories