2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:02
නවතම පුවත්

ලොවක් දන්නා TATA සමූහ ව්‍යාපාරයෙහි සභාපති “රතන් ටාටා” ජීවිතයට සමු දෙයි

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.

වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස Tata සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ‘රතන් ටාටා’ ඉකුත් සඳුදා සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Tata Sons හි හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් Tata සමූහය නිවේදනය කර තිබේ.

ඔහු වසර 20කට වැඩි කාලයක් Tata සමූහ ව්‍යාපාරයෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. රතන් ටාටාව හැදින්වෙන්නේ ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලෙජන්ඩ්වරයෙක් ලෙසිනි.

ඔහුගේ රෝහල් ගතවීම සාමාන්‍ය පරීක්‍ෂණයක කොටසක් බව Tata මෑතකදී මහජනතාවට සහතික කළද, ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගොස්, ඔහු දැඩි සත්කාර ඒකකයට ගෙන යන ලද බව ද ආරංචි මාර්ග පවසයි.

ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති එන් චන්ද්‍රසේකරන්, පවසා ඇත්තේ, තමන්ට හොඳ මිතුරෙකු සහ මාර්ගෝපදේශකයකු අහිමි වූ බවය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories