ඊශ්‍රායලය විසින් ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර සති දෙකක් ඇතුළත එරට වැසියන් ලක්ෂ 12කට අධික පිරිසක් අවතැන්ව කූඩාරම් වල ජීවත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එසේම 2023 වසරේ මේ දක්වා මියගිය පිරිස අතර දරුවන් 127ක් ද සිටි බව සඳහන් කරයි.ලෙබනනය සහ ජෝර්දානය අතර දිනකට ලක්ෂ 03ක් පමණ ගමන් කරන ප්‍රධාන මාර්ගය ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයිද පවසයි.මේ අතර ඊශ්‍රායලය විසින් බටහිර ඉවුරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරියා මියගොස් ඇතැයි ද වාර්තා වේ