2025 ජූනි 21 සෙනසුරාදා, 11:49
නවතම පුවත්

ලංවිමෙන් තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිජතෙල් ඉන්ධන වර්ග තුනක් භාවිතා කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

– උපුටාගැනීම – 

* බැර තෙල් (HFO) – 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට 715.3 GWh (මුළු විදුලි නිෂ්පාදනයෙන් 5.8 %) 

* නැප්තා (Naphtha) – 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට 235.5 GWh (මුළු විදුලි නිෂ්පාදනයෙන් 1.9 %) 

* ඩීසල් (Diesel) – 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට 133.1 GWh (මුළු විදුලි නිෂ්පාදනයෙන් 1.1 %)

බැර තෙල් (HFO) සහ නැප්තා (Naphtha) යන වර්ග දෙකම තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදන වේ. 

වෙනත් සැපයුම්කරුවකු නොමැති බැවින් ලංකා විදුලිබල මණ්ඩලය මෙම ඉන්ධන CPC වෙතින් මිලදී ගන්නේ අන්නෝන්‍ය වශයෙන් එකඟ වූ මිලකටය. 

තරඟකාරී ලංසු තැබීම් මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගත හැකි එකම ඉන්ධනය ඩීසල් වන අතර, ඩීසල් සඳහා පමණක් බෙදාහරින්නන් කිහිපදෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් සමහරක් මෑතකදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවති කළමනාකාරීත්වය යටතේ පවා විදුලි උත්පාදනය සඳහා තරඟකාරී ලංසු මඟින් ඩීසල් මිලදී ගෙන නොමැත.

විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලෙස ඩීසල් මිලදී ගැනීමට එරෙහිව නව කළමනාකාරීත්වය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරමු.

ලංකා විදුලිබල මණ්ඩලය ඩීසල් ඉන්ධනය ආර්ථික වශයෙන් ශක්‍ය විදුලි උත්පාදන විකල්පයක් ලෙස නොසලකයි. ඊට අමතරව පිරිසිදු බලශක්තිය වෙත සංක්‍රමණය වීම සඳහා ශ්‍රී ලංකාවේ විමෝචන ඉලක්ක සැලකිල්ලට ගනිමින් පරිවර්තනය වෙමින් පවතී. 

කෙසේ වෙතත්, වර්තමාන ජනන මිශ්‍රණය සැලකිල්ලට ගනිමින් සහ අනෙකුත් විශාල විදුලි බලාගාරවල බිදවැටුම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලදී පමණක් උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ඩීසල් බලාගාරවල අවම භාවිතයක් අවශ්‍ය වේ.

විදුලි උත්පාදනය සඳහා ඩීසල් භාවිතා කිරීම අවම හා කෙටි කාලීනවනු ඇත. 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවා ඇත්තේ 1.1% ක ප්‍රමාණයක් පමණි.

– උපුටා ගැනීම  අවසන් – 

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories