විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම් කඳවුරුවල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.
අන්තර්ජාලය ඔස්සේ මෙරටදී සිදුකර ජාවාරම් සම්බන්ධයෙන් පොලීසිය විසින් පුද්ගලයින් 300කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මීට අමතරව ජංගම දුරකථන 500කට ආසන්න සංඛ්‍යාවක් සහ පරිගණක 300කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ජාවාරම් සිදුකරන පුද්ගලයින්ට ස්ථාන ලබාදෙන අයට එරෙහිව අපරාධමය චෝදනා එල්ලකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අන්තර්ජාලය ඔස්සේ ජාවාරම්කට හසුවූ පුද්ලයෙකුගේ මුදල් ආපසු ලබාගැනීම ඉතා සුලභ තත්ත්වයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මෙහිදී පෙන්වා දුන්නේය.