2025 අගෝස්තු 15 සිකුරාදා, 17:44
නවතම පුවත්

ලංකාවේ ඉන්ධන විකුණන විදේශීය සමාගමක් මෙරටින් පිටවෙන තිරණයක !

ඕස්ට්‍රේලියානු බලශක්ති දැවැන්තයෙකු වන යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum) හි දේශීය අනුබද්ධිත සමාගමක් වන United Petroleum Lanka Ltd මෙරට වෙළඳපල හැරයෑමට සූදානමින් සිටියි.

ඒ, ඔවුන් මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ වසරකටත් අඩු කාලයක් තුළදීයි.

United Petroleum Lanka Ltd මෙම මතභේදාත්මක මෙහෙයුම් අවසන් කිරීමට සාපේක්ෂව එම සමාගම එහි සේවකයන්ගේ කොන්ත්‍රාත්තු අවසන් කිරීමට සූදානම් වන බැවින් දැඩි අර්බුධයක පැනනැගී ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වයට හේතු ලෙස සමාගම පවසන්නේ, එහි පාලනයෙන් ඔබ්බට අනපේක්ෂිත තත්වයන් මෙරට මෙහෙයුම් අවසන් කිරීමේ තීරණයට බලපා ඇති බවයි.

එමෙන්ම මෙහෙයුම් අවසන් කිරීම සහ සේවකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාගම දැනටමත් නිවේදනය කර ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව, කාර්ය මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් United Petroleum Lanka Ltd හි ප්‍රධාන විධායක නිලධාරී නයිජර් සිමන්ස් නිවේදනය කර ඇත්තේ, සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට දැරූ උත්සාහයන් හේතුවෙන් තනතුරු කිහිපයක් අතිරික්ත ව පවතින බවයි.

එම රැකියා ගිවිසුම් ලබන මස මුල සිට අවසන් කිරීමට නියමිත බව ද එමගින් දැනුම් දී තිබේ.

“මෙය දුෂ්කර තීරණයක් වන අතර ඔබ සැවොම ව්‍යාපාරය සඳහා වෙහෙස වී දායකවීම සහ උත්සාහය අපි අවංකවම අගය කරමු” යනුවෙන් ද ලිපියේ සඳහන් වේ.

එමෙන්ම ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, සේවකයන් ඔවුන්ගේ අවසාන වැඩකරන දිනය වන විට සමාගම සතු සියලු වත්කම් ආපසු ලබාදිය යුතු බවයි.

එලෙස හදිසියේ සේවයෙන් ඉවත් කිරීම් හේතුවෙන් United Petroleum Lanka Ltd හි සේවකයන් අතර නොසන්සුන්තාවක් වර්ධනය වී ඇති අතර, ඔවුන් පවසන්නේ, හදිසි සහ අසාධාරණ සේවයෙන් පහකිරීමට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවයි.

සමාගම ගිවිසුම්ගත බැඳීම් සහ ශ්‍රී ලංකා කම්කරු නීතිවලට අනුකූල වීම සම්බන්ධයෙන් සේවකයින් නීතිමය උපදේශන ලබා ගනිමින් සිටින බව මූලාශ්‍ර උපුටා දක්වමින් Daily FT වාර්තා කරයි.

පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සමාගම මේ වනවිට රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

එහෙත් අභ්‍යන්තර මූලාශ්‍ර පෙන්වා දෙන්නේ, සමාගම සම්පූර්ණයෙන් වෙළඳපොළින් ඉවත්වීම වැළැක්විය නොහැකි බවයි.

ගැටළුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාට සහ සීමාසහිත යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට සකච්ඡා කිරීමට පාර්ශව කිහිපයක් දැරූ උත්සහයන් ව්‍යාර්ථ වී ඇත.

එම සමාගම 2024 දෙසැම්බර් මාසයේදී මෙරට වෙළඳපලට ඉන්ධන සැපයීම නවතා දමනු ලැබීය.

ඒ, පවතින මිල සූත්‍රය සහ මෙහෙයුම් තත්ත්වයන් පිළිබඳ තෘප්තිමත් නොවන බව පවසමිනි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories