අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමි.
රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් මා දැනුවත් කරන ලදී. එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කරනු ලැබීය.
බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය.
