2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:14
නවතම පුවත්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති චෝදනා ප්‍රතික්ෂේප කරයි

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළ ද තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් නොමැති බවය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊයේ (19) දිනයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාරය හරිනි අමරසුරිය සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පවත්වනු ලැබීය.

කෙසේවෙතත් එහිදී සිය ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් අඛණ්ඩව සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් “අද දෙරණ” රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගෙන් විමසීමක් කළේය.

“අධ්‍යාපන ඇමතිතුමියට, ලේකම්තුමියට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මම ඉල්ලා අස්වෙන්නේ නැති බව, ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් දැන්වුවා. සමහර චෝදනාවලට මට විරුද්ධව විමර්ශන කිහිපයක් පැවැත්වෙලා තියෙනවා. ඒ සියලු විමර්ශනවලදී මට විරුද්ධව චෝදනා ඔප්පු කරන්න තරම් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. එහෙම තිබුණා නම් මීට කලින් මට විරුද්ධව මට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න රජයකට පුළුවන්කම තිබුණා කියලා මම විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයේ පීඨ 5ක් සම්පූර්ණයෙන්ම වැඩ. අනෙක් පීඨවලත් ආචාර්යවරු මේකට එකඟ නැති අය වැඩ. මේ වැඩවර්ජනය සාර්ථකයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒකට හේතුව මගේ මර්දනය නෙමෙයි. ඒකට හේතුව ඔවුන්ගේ සටන්පාඨවල තියෙන දුර්වලකම.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories