එප්පාවල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ ඇඳගල මිහිඳුපුර ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවන කල පෞද්ගලික බස් රථයක්, තවත් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි බොලෙරෝ වර්ගයේ කැබ් රථයක හා ඊට පිටුපසින් පැමිනි යතුරුපැදියක ගැටීමෙන් පෙර දින(28) පස්වරු 4.00 ට පමන සිදුවූ අනතුරකින් දස දෙනෙකු තුවාල ලබා එප්පාවල රෝහලට ඇතුළත් කෙරුණි.
එප්පාවල, අලුත්වැව ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට පැමිණ, එප්පාවල ආදාහනාගාරයේදී අවමංගල්‍යයේ අවසන් කටයුතු සිදු කර පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයට යමින් සිටි පිරිසක් බොලෙරෝ කැබ් රථයේ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් එහි ගමන් කළ පිරිසෙන් 09 දෙනෙකු හා යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, ඉන් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කෙරිණි.