රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) කටයුතු කළේ ය.
ඒ අනුව, වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන් මෙසේ ධූරවලින් ඉවත් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ පිරිස අතර මෙම රාජ්‍ය ඇමැතිවරු සිව් දෙනා ද වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) අ ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් විය.