2025 අගෝස්තු 15 සිකුරාදා, 11:00
නවතම පුවත්

රනිල් එක්ක පොහොට්ටුවෙන් ගිය මන්ත්‍රීවරු පොදු ලකුණකින් එන තීන්දුවක

පොදු ජන එක්සත් නිදහස් සන්ධානය එළැඹෙන මහ මැතිවරණයේදී සියලු ම දිස්ත්‍රික්කවලට පොදු සලකුණකින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව එම සන්ධානයේ මහ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

පොදු ජන එක්සත් නිදහස් සන්ධානයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම සන්ධානයේ විධායක සභාව මෙම තීරණයට එළැඹි බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර, ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් සමන්විත නව සන්ධානයකින් තරග කිරීමට එම පක්ෂ නායකයන්ගේ එකඟතාව ලැබී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, මල් පාරේ පිහිටි දේශපාලන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ පැවැති අවසන් සාකච්ඡා වට කිහිපයකදී ඡන්ද ලකුණ පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු ගෙන ඇත.

මෙම සාකච්ඡා අතරතුර මහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයක් පත් කර තිබෙන අතර එම කමිටුව අද පෙරවරු 10:00ට රැස්වී නාම යෝජනා භාරගැනීම පිළිබඳ ඉදිරි සැලසුම් සැකසීමට නියමිත ය.

මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මීගමුවේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වූ සියලු දෙනා ඒකාබද්ධව සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කරන බව ය.

සියලු ම දිස්ත්‍රික්කවලට අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව පැවැසූ හෙතෙම තම කණ්ඩායම මහ මැතිවරණයට තරඟ කරනුයේ අගමැති ධූරය ලබාගැනීමට නොව පාර්ලිමේන්තුව තුළ ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කර ගැනීමට බව කීය.

ජනාධිපතිවරණයේදී මාලිමාව ජයග්‍රහණය කර තිබෙන බැවින් එම කණ්ඩායමට අගමැතිවරයෙකු පත්කර ගැනීමට ජනතාව සහාය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද හිටපු රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව මන්ත්‍රී ආසන තිස් හතක් ලබාගැනීමේ හැකියාව තිබෙන බව ත් ජනතාවගෙන් සියයට 58ක් විපක්ෂයේ සිටින බව ත් ඔහු කීහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories