අද (ජූලි 22) වන විට කොළඹ හෙට්ටිවීදියේ රන් මිල රුපියල් 2,000කින් යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මෙම මිල වැඩිවීමත් සමඟ, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 271,000ක් ලෙස සටහන් වන අතර, කැරට් 22 රන් පවුමක් රුපියල් 250,700කට අලෙවි වේ. ග්‍රෑම් ඒකක අනුව සලකා බැලීමේදී, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,875ක් වන අතර, කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 31,338කට අලෙවි වේ.