2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:23
නවතම පුවත්

රන්වල පරික්ෂාව මැතිවරණ කොමිසමටත් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ ඒවායේ සත්‍යතාව පිළිබඳ කිසිදු වගකීමක් හෝ රාජකාරියක් තමන් සතු නොවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

ඒ, පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අශෝක රන්වල, තමන්ට හිමි බව කියන ආචාර්ය උපාධිය සැබෑ ලෙසම විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනයෙන් අනතුරුවයි.

මෙම කාරණය සම්බන්ධයෙන් ‘ඩේලි මෝර්නිං’ කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ ඒවායේ සත්‍යතාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු වගකීමක් හෝ රාජකාරියක් නොමැති බවත්, මන්ත්‍රීවරයකු ලබා ගත යුතු විශේෂ අවම අධ්‍යාපන සුදුසුකමක් ද නොමැති බවත් ය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයෙකුට ලැබිය යුතු අධ්‍යාපන සුදුසුකම් නිශ්චිතව දක්වා නැහැ. නාමයෝජනා බාරදෙනකොටත් අපි එයාලගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලන්නේ නැහැ.” යැයි සභාපතිවරයා පවසයි.

කතානායකවරයාගේ සුදුසුකම්වල සත්‍යතාව පිළිබඳ මතභේදය මතුවීමත් සමඟ එම චෝදනා සම්බන්ධයෙන් කතානායකවරයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇමතීමට කිහිපවරක් ‘ඩේලි මෝර්නිං’ ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව මඟින් ඡන්දදායකයකු වීමට සුදුසුකම් ඇති සෑම පුද්ගලයකුම, අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවල සඳහන් නිශ්චිත විධිවිධාන යටතේ නුසුදුස්සකු නොවන්නේ නම් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට ද සුදුසුකම් ඇති බවට මූලික විධිවිධාන දක්වා තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories