2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:21
නවතම පුවත්

රජයේ වාහන අවභාවිත කරන තොරතුරු දෙන්න ක්ෂණික දුරකතන අංකයක්

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, රජයේ විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචාසහගත ලෙස හෝ නීති විරෝධීව සඟවා තිබෙන හෝ යම් කිසි ආකාරයකට කොටස් කර සඟවා තිබෙන බවට තොරතුරු දන්නේ නම් 1997 දුරකතන අංකයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම, රජයේ වාහන යම් යම් ස්ථානවල නවතා තබා අබලන් වීමට ඉඩහැර තිබෙන යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් එම තොරතුරු ද මෙම විශේෂ දුරකතන අංකයට ලබා දීමට හැකි ය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරන බව ය.

තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම ද අත්‍යවශ්‍ය නොවන අතර සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන ලෙස ද අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බව ද එම නිවේදනයෙ හි වැඩිදුරට ත් සඳහන් කර තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories