2025 අගෝස්තු 15 සිකුරාදා, 21:29
නවතම පුවත්

යාලට වැඩිපුර ජීප් ඇතුළු කරන්න ඇමති කෙනෙක් බලපෑම් කරලා

යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු කරන සෆාරි ජීප් රථ 550ක් දක්වා වැඩිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගත් තීරණයට සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඔවුන් පවසන්නේ, එම තීරණයෙන් ජාතික වනෝද්‍යානය අධික ජනාකීර්ණ තර්ජනයකට ලක්ව ඇති බව සහ මෙය සත්ත්ව අයිතීන් උල්ලංඝණය කිරීමක් බවයි.

සතුන්ට සිදුවන කරදර සහ තර්ජන හේතුවෙන් ජීප් රථ රියදුරන්ගේ සංඛ්‍යාව සීමාකිරීමට කළින් ගත් තීරණය ප්‍රතික්ෂේප කරමින්, ජීප් රථ රියදුරන්ගේ ඉල්ලීමකට අනුව දෙපාර්තමේන්තුව මෑත කාලීන තීරණයකින් එම සංඛ්‍යාව 500-550 දක්වා වැඩිකර තිබේ.

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමට අවසර දී ඇති සෆාරි ජීප් රථ සංඛ්‍යාව වැඩිකිරීමට ගත් තීරණය වනජීවී සංරක්ෂණයේ පසුබෑමක් ලෙස හඳුන්වමින් සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් වන RARE Sri Lanka විසින් එය හෙළාදැක ඇත.

“අධික තදබදය සහ නොසැළකිලිමත් රිය පැදවීම නිසා උද්‍යානය දිගු කලක සිට බලපෑමට ලක්ව තිබේ. එක් වරකට ජීප් රථ 500ක සීමාවක් සහ රියදුරු පුහුණු වැඩසටහන් නිසා යම් සාධනීය තත්ත්වයක් දැකගත හැකියි. ” RARE Sri Lanka පෙන්වාදෙයි.

කෙසේවෙතත්, පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, ජාතික ජන බලවේගය, ජීප් රථ හිමියන්ගේ සහාය ලබාගැනීම සඳහා වනෝද්‍යානයට ඇතුළු විය හැකි ජීප් රථ 575 දක්වා ඉහළ නැංවීම සඳහා, රජයේ අමාත්‍යවරයකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කළ බව RARE Sri Lanka චෝදනා කරයි.

“පාරිසරික අවදානම් පිළිබඳව දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නොතකා, වෙනස ක්‍රියාත්මක කර ඇත. දිවියන්, ඇතුන් සහ කුරුලු කූඩු ඇතුළු යාල ප්‍රතිමූර්තිය වන සතුන්ට වන හානිය ඉස්මතු කරමින් මෙම තීරණයෙන්, සංරක්‍ෂකයන්ගේ වසර ගණනාවක වෙහෙස මහන්සි වී වැඩකිරීම අඩපණ කර තිබේ” දේශපාලන වාසි ස්වභාවික උරුමයන් වෙනුවෙන් නොපැමිණිය යුතු බව අවධාරණය කරමින් එම තීරණය වහාම ආපසු හැරවිය යුතු බව සංවිධානය ඉල්ලා සිටියි.

මේ අතර, ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසා ඇත්තේ, ජීප් රථ රියදුරන්ගේ සහ තවත් පාර්ශ්වවල ඉල්ලීම් රැසක් මත මෙම තීරණය ගත් බවයි.

“එවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹී ඇති අතර එය වෙනත් කෙනෙකුගේ අභිමතය පරිදි නොවේ,” ඔහු පවසා ඇත.

“මේ අය අවසර දීපු අලුත් රියදුරන් නෙවෙයි. නමුත් පවතින ධාරිතාවයෙන් එම සංඛ්‍යාව වැඩිකර තිබෙනවා,” චන්දන සූරියබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories