2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:00
නවතම පුවත්

මෝදිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.

“ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙම සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව අප්‍රේල් 4 වනදා සවස 6ත් රාත්‍රී 10ත් කාලය අතරතුර කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින්  මාර්ගය ද වරින්වර වසා දැමීමට සිදුවෙනවා.”

“මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම්දෙනවා.”

“අප්‍රේල් 5 වනදා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට සිදුවෙනවා.”

“මෙම විශේෂ රථවාහන සැලැස්ම සඳහා සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් මෙන්ම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories