ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ මොර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.
මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පෙරේදා (04) සවස් කාලයේ මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිටි ඇත.
පසුව මරණකරු විසින් නිවසේ තිබූ මස් රැගෙන ඒමට නැවත ඔයෙන් එගොඩ වීමේදී කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබේ.
මෘත ශරීරයේ කොටසක් කිඹුලා විසින් කා දමා ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසයි