2025 ජූනි 22 ඉරිදා, 00:40
නවතම පුවත්

මොනාලිසා අලුත් තැනකට ගාණත් වෙනස් කරයි

ලොව වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය ලෙස සැළකෙන ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුමක් එරට රජය විසින් ඉදිරිපත් කර තිබේ.

එහි කොටසක් ලෙස එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ලෝක ප්‍රකට මොනාලිසා සිතුවම පැරිසියේ ලූවර් හි නව ප්‍රදර්ශන අවකාශයකට ගෙනයෑමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම සැලසුම සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ ද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන් විසින් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ලෝක ප්‍රකට නිර්මාණකරු ලියනාඩෝ ඩා වින්සිගේ මෙම විශිෂ්ටතම සිතුවම අභියස සිට සම්භාවනීය අමුත්තන්ගෙන් පිරි ප්‍රේක්ෂකාගාරයක් හමුවේ ජනාධිපතිවරයා ඒ බව නිවේදනය කර තිබීම විශේෂත්වයකි.

2031 වන විට හඳුන්වාදීමට නියමිත නව ප්‍රතිසංස්කරණ සමඟ මොනාලිසා සිතුවම නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් වෙනවෙනම ගාස්තු අයකර ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමට ද ප්‍රංශ රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති මැක්‍රොන් නිවේදනය කළේය.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ මෙම නව ව්‍යාපෘතිය මගින් ලූවර් කෞතුකාගාරය නරඹන්නන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමෙන් එල්ල වන පීඩනය සමනය කිරීම සඳහා දෙවැනි දොරටුවක් ඉදිකිරීම සැලසුම් කිරීම සඳහා සැලසුමක්ද පවත්වන බවයි.

ලබන ජනවාරියේ සිට ගාස්තු වෙනස් කිරීම් ද හඳුන්වාදීමට නියමිතව තිබේ.

ඊට අනුව යුරෝපා සංගමයට අයත් නොවන රටවලින් පැමිණෙන සංචාරකයින්ගෙන් (බ්‍රිතාන්‍ය සංචාරකයින් ද ඇතුළුව) වැඩි මුදලක් අයකර ගැනීමට නියමිතය.

එමෙන්ම ජනාධිපති මැක්‍රොන් ලුවර් හි අධ්‍යක්ෂ ලෝරන්ස් ඩෙස් කාර්ස්ගේ අනතුරු ඇඟවීමවලට ප්‍රතිචාර ලබාදෙමින් පවසා ඇත්තේ, කෞතුකාගාරය නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යෑමෙන් එල්ල වන පීඩනයට සහ යටිතල පහසුකම් බිඳවැටීමේ බරපතල ගැටළුවලට තමන් මුහුණදී සිටින බවයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories