2025 අගෝස්තු 15 සිකුරාදා, 01:00
නවතම පුවත්

මේඝ – ටාරා – අඝ්‍රා – භූමි – අකීරා – එල්සා රිදියගමින් කරළියට

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මීට මාස තුනකට පෙර උපන් සිංහ පැටවුන් තිදෙනකු සඳහා නම් තැබීම හා ඔවුන් මහජන ප්‍රදර්ශනය සඳහා එක් කිරීම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ලාරා සහ ඩෝරා නමැති (මව සහ දියණිය) සිංහ ධේනුවන් දෙදෙනා විසින් සිංහ පැටවුන් හයදෙනකු බිහිකළ අතර ඔවුන් සඳහා නම් තැබීමට පෙර එම සතුන් සඳහා නම් යෝජනා කිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ජනතාවට අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව ජනතාව විසින් ෆේස්බුක් හරහා මෙම සතුන් සඳහා නම් 4,000ක පමණ සංඛ්‍යාවක් යෝජනා කර තිබේ.

එම යෝජනා කර තිබූ නම්වලින් නම් හයක් තෝරාගැනීම සිදු කිරීමෙන් අනතුරුව සිංහ පැටවුන් සඳහා නම් තැබීම සිදුකෙරිණි.

සිංහ පැටවුන් හයදෙනා අතර සිටි පිරිමි සිංහ පැටවාට මේඝ ලෙස නම්තබා ඇත. එම නම යෝජනා කර තිබුණේ ගාල්ල, බඩල්ගම පදිංචි කේ. උතුම් ඉදුවර විසිනි.

ගැහැනු පැටවුන් පස්දෙනා සඳහා පිළිවෙළින් ටාරා, අඝ්‍රා, භූමි, අකීරා හා එල්සා ලෙස නම් තැබිණි. එම නම් යෝජනා කර තිබුණේ දැරණියගල පදිංචි අහිංසා රුක්ෂානි, නේමින්දි දෙහංසා, නිශ්‍රීතා එගොඩගෙදර, පානදුර පදිංචි දිලීෂා සරණමාන හා බිංගිරිය පදිංචි දිලීප නිර්මාල් යන අය විසිනි.

මෙම නම් තැබීමේ අවස්ථාවට මෙම සිංහ පැටවුන් සඳහා නම් යෝජනා කළ පිරිසක්ද එක්ව සිටි අතර යෝජනා වී තිබූ නම් අතරින් තෝරාගත් නම් හයෙන් නම් තුනක් යෝජනා කළ තිදෙනකුද එම අවස්ථාවට එකව සිටි අතර ඔවුන් සදහා තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරිණි.

මෙම සිංහ පැටවුන් හයදෙනා සඳහා නම් යෝජනා කළ පිරිස සඳහා පවුලේ සාමාජිකයන් පස්දෙනකු සමඟ රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරැඹීමට අවස්ථාව උදාකර දීමටද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

නම් තැබුණු සිංහ පැටවුන් මහජන ප්‍රදර්ශනයට එක් කිරීමද මෙහිදී සිදුකෙරිණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories