2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:04
නවතම පුවත්

මාලිමාව නෙවෙයි කවුරු ආවත් සීතල කාමර වල ඉදලා කෘෂිකර්මය කරන්න බෑ

බත්තරමුල්ල අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ අද දින පොලොන්නරුව ගොවි නියෝජිතයන් එක්ක සාකච්ඡා කලා.වී මිලදී ගැනීම අස්වැන්න වැඩි කරගැනීම හා පොහොර සම්බන්ධයෙන් සාකච්ඡා කලා.සාකච්ඡාව ඉතා ඵලදායි.අපි තීන්දු ගන්න ඕන සීතල කාමර වල ඉදලා නොවෙයි.ගොවියෝ එක්ක සාකච්ඡා කරන්න ඕන.කන්න පහක් තුල වී අස්වැන්න දෙගුණ කිරීම බලාපොරොත්තුවක්.අනුර කුමාර මහතා කියලා තිබුනා බදු ගොඩක් නිදහස් කරනවා කියලා.එහෙම උනොත් ගොවින්ට ප්‍රශ්නයක් වෙනවා.ගොවියට මේක කරගන්න බැරි වේවි.පාරිභෝගිකයා පැත්තෙන් හොද වේවි.නමුත් ගොවියාට ගැටලුවක්.මේ යෝජනා ක්‍රියාත්මක කරනවා නම් ගොවියන්ට අබ සරණයි.

අපිටත් එලවලු හාල් රටින් ගෙන්න පුලුවන් .ගෙනත් පනහට හැටට දෙන්න පුලුවන් .එතකොට නිෂ්පාදනයට මොකද වෙන්නේ කියලා අපි අහනවා.මේකද ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ කියලා අපිඅහනවා.මුදල් අමාත්‍යාංශයේ ඇතැම් අය හිතුවක්කාර ලෙස වැඩ කරනවා.ඒ නිසා වී මිලදී ගැනීමේ ගැටලුවක් තිබෙනවා.වී අලෙවි මණ්ඩලයට මුදල් නැත්නම් මේක කරගෙන යන්න බැරි වේවි.

අපි සල්ලි ඉල්ලුවා නමුත් නිසි ලෙස ලැබුනේ නෑ.වී අලෙවි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට පවරා ගන්න කියලා මම ලිඛිතවම දීලා තියනවා.ඒ ගැසට් එක ගහවි කියලා මම බලාපොරොත්තු වෙනවා.මාලිමාව අනෙක් දේශපාලන පක්ෂ වලට එහා ගිය සාම්ප්‍රදායික බොරු ටිකක් දැන් කියනවා.එහෙම නම් ඒ අය වී මිලදී ගන්න මුදලයි හාල් මිලයි දෙකම කියන්න ඕන මේ කියන ඒවා කරන්න ගියාම IMF ඒන් අයින් වෙන්න වේවි.

එතකොට යලි පෝලිම් ඇති වේවි.අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා.අපි ඇත්ත කතා කරලා කරන්න පුලුවන් දේවල් පමණක් කියනවා.එදා හාල් කිලෝ එක 500 , 1000 වේවි කිව්වා නමුත් අද 240 ට විතර අඩු වෙලා තිබෙනවා .මේ පොහොර සහනාධාරය දෙගුණ කරන්නත් මම ඉල්ලීමක් කරලා තිබෙනවා.මම වැඩපිලිවෙවල් හදන්නේ මොන ඇමති ආවත් කරගෙන යන්න පුලුවන් විදියටයි.මාලිමාව නෙවෙයි බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ආවත් කෘෂිකර්මාන්තයට ක්‍රියාත්මක කල යුත්තේ මේ වැඩපිළිවෙළයි.මේ ප්‍රතිපත්තියයි.මාලිමා රජයක් නෙවෙයි කවුරු ආවත් මේ වැඩපිලිවෙලින් පිට ගියොත් මාස 6 කට වඩා යන්න බැරි වේවි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories