2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:52
නවතම පුවත්

මාලඹේ කුෂ් නේවාසිකාගාරයක් වටලයි.

මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ෆැන්ටසි ඇවනිව් හි දෙමහල් නිවසක ශීතාගාර තුළ පවත්වාගෙන ගිය කුෂ් නැමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

නිවසෙහි පහත මාලයේ කාමරයක් වායුසමීකරණය කර එහි තට්ටු කිහිපයකට රෝපණය කර තිබූ කුෂ් පැළ 60කට ආසන්න ප්‍රමාණයක් සහ එම නිවසේ ඉහළ මහලේ ශීතාගාරයක් තුළ පවත්වාගෙන ගිය තවත් කුෂ් පැළ සියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ඔවුන් සමත්ව ඇති බව සඳහන්.

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා රහසිගතව මෙම කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබෙන බව අනාවරණය වී තිබෙනවා.ඒ සඳහා අවශ්‍ය සියලුම දෑ විදේශයෙන් ආනයනය කොට මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ.

ලද තොරතුරකට අනුව උපාය දූතයන් යොදවා සිදුකළ විමර්ශනයකට පසු එම නිවස සෝදිසියකට පත් කර ඇති අතර වැටලීම සිදුවන විටත් සැකකරුවෙකු කුෂ් පැකට් කරමින් සිට ඇති බවත් බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම භාරව කටයුතු කරන මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු මෙම ජාවාරම සඳහා මුදල් ආයෝජනය කරන බවට අනාවරණය වී තිබෙනවා.පොලිස් භාරයට ගත් කුෂ් පැළවල වැඩිම උස ප්‍රමාණය අඩි හතරක්.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories