එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය අද (24) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය මෙය වනවා.
මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා සහභාගීවීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ඊයේ ජිනීවා බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.