2025 ජූනි 21 සෙනසුරාදා, 17:08
නවතම පුවත්

මහින්දට ඇති තරම් පොලිස්-හමුදා ආරක්ෂාව තියෙනවා – පොලිසිය කියයි

හිටපු ජනාධිපතිවරුන්ට අනුයුක්ත කර තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කිරීමත් සමඟ ආරක්ෂාව සමාලෝචනය කිරීමට පත් කළ කමිටුව වරින්වර රැස්වී ආරක්ෂක වාර්තා තක්සේරු කර එම සංඛ්‍යාව තවදුරටත් අඩු කළ යුතුද වැඩි කළ යුතුද යන්න තීරණය කරන බව පොලිසිය පවසයි.

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සහ සිදුවිය හැකි තර්ජන හෝ හානි පිළිබඳ අවධානය යොමුකෙරෙන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් පොලිසිය පැවසුවේ රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සමඟ හමුදා නිලධාරීන් ද යොදවා ඇති බැවින් ඔහුගේ ආරක්ෂාවට බාධාවක් නොමැති බවයි.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව ආරක්ෂක නිලධාරීන් අඩු කිරීමට තීරණය කළ බව පොලිසිය පවසයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව විසින් ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කිරීම සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමට අදාළ වියදම් ඇගයීමට ලක් කරයි.

එම ඇගයීමේ දී හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් බිලියන 1.1ක් බවත්, රාජපක්‍ෂගේ ආරක්‍ෂාව සඳහා පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 326කට අධික මුදලක් වැයවන බවත් අනාවරණ විය.

මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට කමිටුව තීරණය කර ඇත.

මීට අමතරව, කමිටුව වරින්වර රැස්වී පිරිස් සංඛ්‍යාව වැඩි කළ යුතුද අඩු කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා තක්සේරු වාර්තා සමාලෝචනය කරනු ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා ඇති බව ද පොලිසිය තහවුරු කරයි.

මෙරට සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා 24,000ක පමණ පිරිසකගේ සැළකිව යුතු හිඟය සළකා මෙම ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම සිදු කරන බව පොලිසිය පවසයි.

මීට අමතරව මීට පෙර ජනාධිපති සහ අගමැති ආරක්‍ෂක අංශවලට අනුයුක්ත කර තිබූ 2000කට අධික පිරිසක් සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.

මැති ඇමතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා කිසිදු පිරිසක් වෙන්කර නොමැති බවද පොලිසිය පැහැදිලි කරයි.

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා කැපවී සිටින පිරිස අඩු වීමත් සමඟ, නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරි සඳහා වැඩි පිරිසක් වෙන් කිරීමට රට පුරා ඇති පොලිස් ස්ථානවලට හැකි වී තිබේ.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories