2025 අගෝස්තු 15 සිකුරාදා, 04:03
නවතම පුවත්

මහාධිකරණ විනිසුරුට අපහාසාත්මක පෝස්ටර් ඇලවූ තවත් දෙදෙනෙක් අල්ලයි

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහසාත්මක දැන්වීම් ඇලවීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) දින දහවල් කාලයේ දී කැලණිය සහ දෙහිවල යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 03 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අඹකොටේ සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 සහ 41 වයස්වල පසුවන්නන්ය.

ඔවුන් අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් විසින් අදාළ පෝස්ටර් නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සන්තකයේ තබා ගැනීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය අගෝස්තු 28 වන දින මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාගේ ඡායාරූපය ඇතුළත් කරමින් ඔහුට අපහාසයක් සිදුවන අයුරින් කිසියම් පිරිසක් විසින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 11 වන දින මඩපාත, මාතලේ සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධව අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories