2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:37
නවතම පුවත්

මනූෂට ඇප එපාලු ?

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් සමග, හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය ඉවත් කරගැනීමට නීතීඥයන් කටයතු කර ඇත.

මනුෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු නීතීඥ මණ්ඩලයක් විසින් අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් කොළඹ ප්‍රධාන මහේස්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර පසුගිය 20 වැනිදා එය සළකා බලනු ලැබුවේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කරුණු අනාවරණය නොවන බවය.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ අතර, ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් පැය හයක ප්‍රකාශයක් ලබාදුන්නේය.

අපේක්ෂිත ඇප අයැදුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන පෙත්සම අද දිනයේදී යළිත් සළකා බැලූ අතර, පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් පරීක්ෂණවල වර්ධනයන් ගැන විමසා සිටි අතර, හිටපු අමාත්‍යවරය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන බව සදහන් කිරීම නිසා අපේක්ෂිත ඇප අයැදුම්පත්‍ර පෙත්සම ඉවත් කරගැනීමට නීතීඥන් කටයතු කර තිබේ

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories