2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:54
නවතම පුවත්

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙයි

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ, අදාළ නඩුව කැඳවනු ලැබූ ඉකුත් 26 වනදා තම සේවා දායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එහි පැවැති රැස්වීමකට සහභාගි වූ බවය.

ඒ බව තහවුරු කරන ලිපියක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විදේශගත වීම නිසා මෙම නඩුව කැඳවන දිනය සම්බන්ධයෙන් තම සේවා දායකයා තුළ ගැටලුවක් තිබූ බවත් නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව සිය සේවදායකයා වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ අතර, නඩුව නැවත මාර්තු මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ව අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා පසුගියදා (26) නියෝග කළේය.

මන්ත්‍රීවරයා විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබුණි.

පසුගිය 21 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක අසුනේ වාඩිවී ඉන් ඉවත්වීමට ප්‍රතික්ෂේප කිරීමත් එම සිදුවීම ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමත් හේතුවෙන් ඔහු ගැන වැඩි අවධානයක් යොමුවිය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories