2025 අගෝස්තු 15 සිකුරාදා, 19:14
නවතම පුවත්

මන්ත්‍රීවරියන් තැඹිලි පාටින් හැඩවුණු හේතුව

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහි දින දහසයේ ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලයේ නායකත්වය යටතේ සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවති ක්‍රියාකාරකම් රැසක එක් අංගයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය තැඹිලි පැහැති ඇඳුමින් සැරසීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කරන්න” යන පණිවිඩය සහිත අත් පළඳනාව කථානායක අශෝක රන්වල වෙත නියෝජ්‍ය කාරක සභා සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර විසින් අනෙකුත් මන්ත්‍රීවරියන් සමඟින් පිළිගන්වන ලදී.

එම අත් පළඳනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට ද පිළිගැන්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර ද එක්ව සිටියාය.

අනතුරුව, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, සභානායක ඇමැති බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන පිරිස වෙත ද අත් පළඳනාව පිළිගන්වනු ලැබිණි.

පසුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මහජන ප්‍රතිඥාවක් ද සමඟින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත් පළඳනාව ලබා දෙන ලදී.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලය නියෝජනය කරමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළේ මාධ්‍ය වාර්තාකරණය සංවේදී කරුණුවලින් ඔබ්බට ගොස් ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ගේ ජීවන යථාර්ථයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයි.

කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බොහෝ විට ආරම්භ වන්නේ ආගන්තුකයන්ගෙන් නොව ඔවුන්ගේ සමීපතමයන්ගෙන් බව ද ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලයේ සභාපතිනිය සහ කාන්තා හා ළමා කටයුතු ඇමැති සරෝජා පෝල්රාජ්, කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි හිංසනයන් වාර්තා කිරීම සඳහා 1938 ක්ෂණික ඇමතුම් අංකය ඇති බව පෙන්වා දුන්නේ එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට සහතික වෙමිනි.

කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා රජයේ දැඩි ප්‍රවේශය ද ඇය අවධාරණය කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලය පාර්ලිමේන්තුව තුළ ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, ශ්‍රී ලාංකීය කාන්තාවන්ට සහ ළමුන්ට අභිමානය සහ ගෞරවය ලබා දෙන ආකාරය තීරණය කරන පාර්ලිමේන්තුවේ අභිමානය හා ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම දරන බවත් සරෝජා පෝල්රාජ් වැඩිදුරටත් සඳහන් කළාය.

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක අධිකාරියේ මුල්ගල වීමේ වැදගත්කම අවධාරණය කළ ඇය, සෑම පුරවැසියකුටම යුක්තිය සහ සමානාත්මතාව සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුව ආදර්ශයට ගත යුතු බව නැවත අවධාරණය කළාය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories