බදුල්ල, මුතියංගන රජමහා විහාරයට අයත් මධු නමැති ඇතා හසලක, සෙවෙල බොක්කුව ප්‍රදේශයේ පැරණි වැසිකිළි වළකට වැටීමෙන් ඊයේ මිය ගිය බව හසලක පොලිසිය පවසයි.
මහියංගන රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට මෙම ඇතා රැගෙන ආ බවයි ඔවුන් පැවසුවේ.
ඇය ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙන යාමට ට්‍රක් රථයක නැගී යමින් සිටියදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.
අවුරුදු තිහක් පමණ වයසැති මෙම ඇතා වයස අවුරුදු හයේදී බදුලු මුතියංගන රජමහා විහාරස්ථානයට බාර දී ඇත.
වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
හසලක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.