රට පුරා දැඩි කතාබහට ලක්වූ, ආන්දෝලනාත්මක බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධියේ තොරතුරු මේ වන විට නිල වශයෙන් එළියට පැමිණ තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අද (ජූනි 09) අදාළ සම්පූර්ණ ලේඛනය ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙම හෙළිදරව්ව අනුව, නිදහස් කරන ලද බහාලුම් අයත් සමාගම්, ඒවා ගෙන්වූ රටවල් සහ එම බහාලුම්වල අඩංගු භාණ්ඩ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දැන් පොදු ජනතාවට දැකගත හැකියි.
ගම්මන්පිල මහතාගේ මෙම පියවරත් සමඟ, බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පැවති බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.