2025 අගෝස්තු 15 සිකුරාදා, 22:21
නවතම පුවත්

බලෙන් රැඳී සිටි රාජ්‍ය ඇමති නිවසින් දොට්ට.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද් කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑළිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (සැප්. 5) එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ පිස්කල් නිලධාරීන් විසින් වතු අධිකාරිවරයා වෙත භාර දී ඇත.

අරවින්ද් කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අවධියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද් කුමාර් මහතාට නිල නිවස වශයෙන් භාවිත කිරීමට මෙම නිවස ලබා දී තිබූ අතර, අරවින්ද් කුමාර් මහතා එම වතුයායෙන් ඉවත් වීමෙන් පසු ඔහුට ලබා දී තිබූ නිල නිවස ආපසු වතු යායට භාර නොදී එම නිවස අලුත්වැඩියා කර එහි රැඳී සිටීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

නුවරඑළිය දිසා අධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් පැවති නඩුවේ තීන්දුවෙන් අරවින්ද් කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත් වන ලෙසට ලබා දුන් නියෝගයට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද ඔහුට එම නිවෙසින් ඉවත් වන ලෙසට නියෝග කර ඇත.

එසේ හෙයින්, අරවින්ද් කුමාර් මහතා අභියාචනාධිකරණයට ද අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, අභියාචනාධිකරණයෙන් ද එම තීන්දුව ම ලබා දී තිබිණි.

නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිස්කල් නිලධාරීන් ලිඳුල පොලිසියේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබූ අරවින්ද් කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දී ඇත.

අරවින්ද් කුමාර් මහතා දේශපාලනයට පිවිසීමත් සමග දේශපාලන බලය භාවිත කරමින් එම නිල නිවෙසේ මෙතෙක් කාලයක් රැඳී සිටි බවයි හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය කියා සිටියේ ය.

අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාර දුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිත කිරීමට ලබා දෙන බව වතුයායේ නිලධාරියෙකුට කියා සිටියේ ය.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories