බලපිටියේ පාසලක් අසලදී ඊයේ (17) සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබෙන අතර ඊයේ රාත්‍රි 8:30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.
වෙඩි වැදුණු පුද්ගලයාම අහුන්ගල්ල පොලීසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර තිබේ. පසුව අහුන්ගල්ල පොලීසිය සුවසැරිය ගිලන් රථයකින් වෙඩි වැදුණු පැමිණිලිකරුව බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇත.
අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බබා’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන ලක්ෂාන් මධුෂංක මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර ඔහුට ‘බබා’ නමැත්තාගෙන් මරණ තර්ජන තිබූ බවද හෙළිවී ඇත. ඊයේ රාත්‍රියේ ‘බබා’ නමැත්තා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී මත්ද්‍රව්‍ය පාර්සලයක් භාරදීමට බලපිටියට පැමිණෙන ලෙස දන්වා තිබේ.
පසුව ලක්ෂාන් මධුෂංක නමැත්තා කුලී ත්‍රිරෝද රථයකින් බලපිටියට ගොස් ඇත.
එහිදී රේවත විද්‍යාල මාවතට පැමිණෙන ලෙස උපදෙස් ලැබී ඇති අතර ඔහු ත්‍රිරෝද රථයෙන් බැස පාසල අසලින් ගමන් කරන අවස්ථාවේදී වෙඩි තැබීම් 2ක් සිදුකර ඇති අතර එහිදී වෙඩිවැදුණු ලක්ෂාන් මධුෂංක දිවගොස් තමා පැමිණි ත්‍රිරෝද රථය ගෙන්වාගෙන අහුන්ගල්ල පොලීසියට ගොස් තමාට බබාගේ පාර්ශ්වයෙන් වෙඩි තැබූ බව පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.