2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:11
නවතම පුවත්

බදුල්ල මාරක අනතුරට හේතුව තිරිංග දෝෂයක්

මහියංගණ, අඹගහඔය ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස්රථය පරීක්ෂා කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් වාර්තා කර ඇත්තේ, තිරිංග දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.ඔවුහු බ්‍රහස්පතින්දා (07) බදුල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී සුන්බුන් පරීක්ෂා කළහ.

ඔවුන් තිරිංග පද්ධතියේ කොටස් කිහිපයක් ගලවා නඩු භාණ්ඩ ලෙස පොලිසියට භාරදී තිබේ.මෙම අනතුරින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු මියගිය අතර ආචාර්යවරුන් දෙදෙනකු, ආරක්‍ෂක අංශ නිලධාරීන් දෙදෙනකු සහ රියදුරු ඇතුළු 39 දෙනකු බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් කිහිපදෙනකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේයඅනතුරට ලක්වූ එක් කථිකාචාර්යවරයෙකු සහ සිසුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ අනතුරට මොහොතකට පෙර තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවන බවට රියදුරු කෑගැසූ බවයි.

රියදුරු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ප්‍රකාශයක් ලබාදීමට හැකියාවක් නොමැති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.කෙසේවෙතත්, පොලිසිය පැවසුවේ යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර එම ස්ථානයෙන් පළායෑම සම්බන්ධයෙන් ඔහුට රුපියල් 50,000 ක දඩයක් නියම කර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් විසින් අත්හිටුවා ඇති බවයි.

ඔහු තම රියදුරු බලපත්‍රය නැතිවී ඇති බව පවසමින් අසත්‍ය ප්‍රකාශයක් කර අලුත් රියැදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය විය.බස් රථයේ රියදුරු සහ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේය.බදුල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories