සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අද (23) දා පැවැත්වේ
අද තරඟය පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
පසුගිය ඉරිදා පැවැති පළමු තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව ජය ගත් අතර ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකාව තරඟ 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටීයි.