බංගලාදේශයේ පිහිටි සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.උද්ගතව ඇති තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු අදාළ මධ්‍යස්ථාන වසා දමා ඇති බව ඉන්දීය රජය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බංගලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල ඉවත්කර ගැනීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
බංගලාදේශයේ ක්‍රියාත්මක වූ විරෝධතා හමුවේ ශෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇය පසුව ඉන්දියාවට පළා ගොස් තිබුණා.