2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:15
නවතම පුවත්

පෝස්ටර් ලක්ෂ හයක් කටවුට් 1500ක් පොලිසියෙන් ගලවලා.

ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙනුවෙන් අලවා තිබූ පෝස්ටර් හය ලක්ෂ විසිහත් දහස් තුන්සිය දහනවයක් මේ වන විට ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ‘මව්බිම’ට පැවසීය.

පසුගිය අගෝස්තු 17 වන දා සිට සැප්තැම්බර් 16 දක්වා වූ මාසයක කාලයක තුළ එම කටයුතු සිදු කළ බව තල්දුව මහතා කීවේ ය.

එමෙන් ම, තවත් පෝස්ටර් දෙලක්ෂ හත්දහස් නවසිය විසිතුනක් පොලිස් භාරයට ගත් බව තල්දුව මහතා පැවසීය.

බැනර් 1507ක් ඉවත් කර ඇති අතර 1094ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව හෙතෙම සඳහන් කළේ ය.

පොලිසිය ඉවත් කර ඇති කටවුට් සංඛ්‍යාව 1,552ක් බව ත් තවත් කටවුට් 1,599ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව ත් ඔහු කීවේ ය.

දැන්වීම් හා පත්‍රිකා 7571ක් පොලිසිය ඉවත් කර ඇති බව ත් 10729ක් භාරයට ගෙන තිබෙන බව ත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම නීති විරෝධී පෝස්ටර්, දැන්වීම්, කටවුට් වැඩි ප්‍රමාණයක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බව ත් අවමයක් වාර්තා වන්නේ නැගෙනහිර පළාතෙන් බව ත් ඔහු කීවේ ය.

මෙම ඉවත් කිරීම් කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව 1500ක කම්කරුවන් පිරිසක් යොදාගත් බව නිහාල් තල්දුව මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories