ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමෙන් සංවිධානය කෙරෙන ප්‍රධාන ජනරැළිවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත ය.
දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රධාන ජන රැළි මාලාව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.
පොහොට්ටුවේ අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආසන මට්ටමේ ජන හමුවලට අමතරව දිස්ත්‍රික් මට්ටමේ ජනහමු පැවැත්වෙනු ඇත.
දිස්ත්‍රික්කයකට එක බැගින් ප්‍රධාන ජනහමු පැවැත්වෙන අතර ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රධාන දිස්ත්‍රික් ජනහමු දෙකක් බැගින් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ