2024 ජනවාරි මාසයේ අවසන් සතියට සාපේක්ෂව මේ වසරේ (2025) ජනවාරි මාසයේ අග සතිය වනවිට දී පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.
ඒ අනුව, මේ දිනවල ලොකු පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කෙරෙන අතර, කුඩා පොල් ගෙඩියක් රුපියල් 170 ත් 190 ත් අතර මිලකට අලෙවි කෙරේ.
ඉකුත් වසරේ ජනවාරි මාසයේ අවසන් කාලපරිච්ඡේදය සමග සැසදීමේ දී ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 78 කින් සහ කුඩා පොල් ගෙඩියක මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි එම ආයතනය නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණයේ සඳහන් වේ.
එමෙන්ම ඉකුත් වසරේ ජනවාරි අග සතියට සාපේක්ෂව පොල් ගෙඩියක තොග මිලද සියයට 110 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය කියයි